වාකරේ සිවිල් ආරක්ෂක නිලධාරීහු කජු අස්වනු නෙළති


 

නිමල් ජයරත්න

සිවිල් ආරක්ෂක බලකාය මගින් මඩකලපුව වාකරේ මාන්කේනි ප‍්‍රදේශයේ අක්කර 400 ක භූමියක වගා කරන ලද කජු වගාවේ අස්වනු නෙළීම් කටයුතු අද (31) පොළොන්නරුව කලාප භාර අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් අරඹන ලදී.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ආනන්ද පිරිස් මහතාගේ උපදෙස් මත මෙම කජු වගාව මාන්කේනි ප‍්‍රදේශයෙදි 2017 වර්ෂයේදි ආරම්භ කර තිබේ.

මෙම කජු සියල්ල රජයට ලබා දී ඉන් විශාල ආදායමක් රජයට ලබා ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණ බවත්  ඉදිරියේදි තවත් අක්කර 200 යක කජුපැළ සිටුවා ඉන් ලබා ගන්නා අස්වනු ද රජයට ලබාදීමට කටයුතු කරන බවත් සිවිල් ආරක්ෂක බලකායේ පොළොන්නරුව මඩකලපුව අණ දෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතා සඳහන් කළේය.

පොළොන්නරව සිවිල් ආරක්ෂකයන් විසින් මෙම ප‍්‍රදේශයේ අකක්ර 400 යක භූමි ප‍්‍රමාණයක 2016 වර්ෂයේදි පඅළ 12500 කට අධික ප‍්‍රමාණයක් රෝපණය කළ අතර ඉදිරියේදි ද මෙම ප‍්‍රදේශයේ සිවිල් ආරක්ෂක නිලධාරින් කජු සාර්ථකව වගා කරමින් රජයට ඉහළ ආදායමක් ලබාදීමට කටයුතු කරන බවද කුමාර මහතා පැවසීය.

මේ දිනවල කජු සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවද, නෙළා ගත් මෙම නැවුම් කජු කිලෝවක් ඉහළ මිලකට අලෙවි කිරීමෙන් රජයට විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතින බවද, ඊට ශ‍්‍රමයෙන් දායකත්වය ලබාදීමට සිවිල් ආරක්ෂක බලකාය නිරතුරුවම කැප වී සිටින බවද කුමාර මහතා කීය.