වැටුප් වැඩි කළ සතුටට දරුවන්ට අයිස් පලම්


(නිමල් ප්‍රේමචන්ද්‍ර)

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරැටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් දන්සලක් දුන්හ.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කළ දැවැන්ත වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස වැඩි වූ වැටුපින් කොටසක් මෙම මස සිට ගුරුවරුන්ට සහ විදුහලුපතිවරුන්ට ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

එසේ වැටුප් ලැබීමේ සතුටට ගුරුවරුන් එසේ අයිස් පලම් ලබා දී ඇත.