(ආරියරත්න රණබාහු සහ කාංචන කුමාර ආරියදාස )
විදුලි බිල සියයට30කට වඩා වැඩි ප්‍රමාණයකින්අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එ සඳහා සුළු කාලයක්ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විදුල බල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරන බව කී ජනාධිපතිවරයා ඒ අනුව විදුලි බිල සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කළහැකි බවත්ඒ සඳහා සුළු කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඊට අමතරව ඉන්ධන මිල ද අඩු කිරීමට කාලයක් අවශ්‍ය බවත් ඒ අනුව මෙම සියලු වැඩ ටික කර ජනතාවට සහන සළසන බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ දඹුල්ල ගම් උදා භූමියේ ඊයේ(09)පැවැති ජනරැළියක් අමතමිනි..