වැල්ලම්පිටියේ මරණයට කුලී රියැදුරා අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධික ලෙස මත් වී   කුලී ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසි පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා තවත් මිතුරකු සමග අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට කුලී ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බව පොලිසිය පවසයි.