වැල්ලවත්ත-ගල්කිස්ස වෙරළතීරය පිරිසිදු කිරීමට නාවික හමුදා සහය


 

වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්  සඳහා සිය දායකත්වය ලබා දීමට බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ අද (23) කටයුතු කළහ.

 
ප්‍රදේශයේ සියලු ආගම්වලට අයත් පුජකවරුන්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියට අනියුක්ත නිලධාරින්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා පොලිසියට අනියුක්ත නිලධාරින් මෙන්ම මහජනතාව ඇතුළු විශාල පිරිසක්  මේ සඳහා සහභාගී වී සිටියහ.
 
 ‘සුරකිමු ශ්‍රී ලංකා’ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගී සිටියහ.
 
එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියලුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.  

(36698)

( ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය )