දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැගෙනහිර,උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර,ඌව,බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට පමණ තරමක තද වැසි ඇති වේ