මහ වැසි හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා වෙයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය මුහුණ දෙන දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය යැයි පැවැසෙයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෙයාන්ස් ගුවන්තොටුපොළ ද ජලයෙන් යටවී ඇති අතර, ගුවන්තොටුපොළේ කිඹුලන් සැරිසරන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඒ, වීඩියෝ දසුන් ද සමඟය.
(බීබීසී)