(පාලිත ආරියවංශ)
මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට හිටිහැටියේ කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.
මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.
අවදානම් තත්වය සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය පදවන ලෙසට හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.