වැස්සෙන් කොළඹ යටවෙයි


(යොහාන් භාසුර)

අද අළුයම සිට ඇඳ හැලෙන දැඩි වර්ෂාවෙන් කොළඹ නගර සහ අවට ප්‍රදේශවල ස්ථාන රැසක් ජලයෙන් යටවිය.

බත්තරමුල්ල සහ අතුරුගිරිය ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමඟ මීඳුම් තත්වයක් ද දැකගත හැකිවිය. සඳුදා දිනයක් වූ අද දින පෙවරුවේ සේවයට පැමිණෙන ජනතාව වර්ෂාව හේතුවෙන් අපහසුතාවට පත්වූහ.

වර්ෂාව හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ නගරයේ තරමක වාහන තදබදයක් ද දැකගත හැකිවිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)