වෑතර ලී මෝල ගිනිරකුසාට බිලි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කහතුඩුව වෑතර ප්‍රදේශයේ පිහිටි ලී මෝලක් සහ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයකහටගත් ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

එම ගින්න හේතුවෙන් එහි තිබූ යන්ත්‍ර සූත්‍ර ,දැව භාණ්ඩ මෙන්ම දැව ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි

ගින්න  නිවා දැමීම සඳහා පැය හතරක කාලයක් ගත වූ බව ගිනි නිවන අංශ කියයි.

නිවාස බහුල වශයෙන් තිබෙන ස්ථානයක මෙම ලී මෝල පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවසියන් ද අවදි කරවා ආරක්ෂක ස්ථාන කරා යැවීමට පියවර ගත් බව කහතුඩුව පොලිසියේ නිලධාරීයෙක් පැවසීය

ගින්නක් හටගෙන ඇති බවට දැනගත් වහාම කහතුඩුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ හොරණ සහ කළුතර නගර සභා වල ගිනි නිවන අප ගෙන්වීමට කටයුතු කළේය

සිදු වූ ගින්න හේතුවෙන් රුපියල් කෝටි 3 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි දැනගන්නට ලැබුණු බව පොලිස් නිලධාරියා කීය

ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.