(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජාතික ප්රජාතත්ත්රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (24) අත්තනගල්ල ආසනයේ ජනාධිපතිවරණ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදීම විදුලි බලය විසන්ධිවීම නිසා ඒ මහතාගේ කතාවට බාධාවක් ඇතිවිය.
අද පස්වරුවේ 3.39 ට නිවේදකයා විජයදාස රාජපක්ෂ මහතාට කතාව සදහා ආරාධනා කල අතර විජයදාස මහතා කතාව කිරීමට ලගාවනවාත් සමගම විදුලිය විසන්ධි විය.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුනේ අත්තනගල්ල ආසන සංවිධායක කපිල කරුණාරත්න මහතා විදුලි ජනක යන්ත්රයක් ක්රියාත්මක කරවා විදුලිය ලබා ගැනීමෙන් පසු විජයදාස රාජපක්ෂ මහතාගේ කතාව ආරම්භ කරනු ලැබීය