( පද්මසිරි ගාර්දියවසම් )
බෙලිඅත්ත , උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දික්වැල්ල පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක රියදුරෙකු ලෙස සේවය කල කෝංගහවත්ත, කුඩාහීල්ල ,බෙලිඅත්ත ලිපිනයේ පදිංචි විදානපතිරණගේ පියදාස නමැති 70 හැවිරිදි සිවුදරු පියෙකි .
ඔහු බෙලිඅත්ත උණන ප්‍රදේශයට ගොස් ටිපර් රථයේ ගල් පටවා ගෙන දික්වැල්ල ප්‍රදේශයට යන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය