(එම්.සුසිල් පියන්ත)
විදුලි උගුල් අටවා ඌරන් මැරීමට ගිය සගයාට විදුලිය වැදී මැරුණු පසු ඔහුව පාලු ළිදකට පස් දමා වැසූ පුද්ගලයෙක් ඊයේ (6) රෑ කරන්දෙණිය දෙමටගහකන්දේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
කරන්දෙණිය දෙමටගහකන්ද පදේශයේ පදිංචි වලවේ මියගිය වලවි දුරගේ චන්දතිලක නමැති 45 හැවිරිදි අයෙගේ මළ සිරුර මෙසේ පාලු ළිදකට දමා පස්වලින් වසා ඇති බව සැකකරුගෙන් කරන ලද පශ්න කිරීමේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ බිරිය විසින් සිය සැමියා සවස් කාලයේ සිට අතුරුදහන්වී ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
ලද තොරතුරකට අනුව මේ අතුරුදන් පුද්ගලයා සමග නිතර විදුලිය යොදා ඌරන් මැරීමට යන සැකකරුගෙන කරන ලද පශ්න කිරීමේදී සැකකරු විසින් වල් ඌරන් දඩයම් කිරීම සිදුකරන අවස්ථාවේදී ඔහු ඇද තිබූ විදුලි රැහැනේ පැටලි තමා සමග වල් ඌරන් මැරීමට ගිය සගයා මිය ගොස් සිටි බවත්, පසුව ඔහුගේ මරණය වසන් කිරිම සඳහා දෙමටගහකන්ද, නවදගල ඉඩමක පිහිටි ගරා වැටුණු ළිඳට දමා පස් වලින් වසා දැමු බව සැකකරු අනාවරණය කළ බවද පොලීසිය කියයි.