විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට


(ලාල් එස් කුමාර)

මෙවර ජනාධිපතිවරණයේදී  ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මහේස් ඉලංගසීංහ මහතා පවසයි .

ජාතික ජන බලවේගයේ කැලණිය ව්‍යාපාරික හමුව  කැලණිය ක්ලෝවර් හොටේල් සංකීර්ණයේදී පැවති අතර ,එහිදී විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේස් ඉලංගසිංහ මහතා  ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර මහතා වෙත එම ලිඛිත පොරොන්දුව ලබා දුන්නේය.

එම අවස්ථාවට විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ ලේකම් භාතිය අමරකෝන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , හිටපු පළාත් සසභා මන්ති අශෝක රන්වල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.