විදුහල්පති විරෝධයෙන් බත්තරමුල්ල පාර අවහිර වෙයි


(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වේ.

මේ හේතුවෙන් බත්තරමුල්ලේ  දැඩි රථවාහන තදබදයක් පවතී.අවට මාර්ග සියල්ලම අවහිර වී තිබේ.

අනිතික විදුහල්පති බඳවා ගැනීම් වලට විරෝධය පළ කිරීම හා නව වැටුප් චක්‍ර ලේඛනයක් මගින් විදුහල්පති ශ්‍රේණි ධාරීන් සඳහා සිදුවන මූලිය අසාධාරණය පෙන්වා දීම, විදුහල්පති සේවය බලහත්කාරයෙන් සංවුත කිරීමට විරෝධය පල කිරීම, අමාත්‍ය අනුකමිටු වාර්තාව සඳහන් විදුහල්පතිවරුන් වෙනුවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වර්ජනය සිදු කරති .