(ටී.කේ.ජී.කපිල )
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ද සමග අද (30 ) අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති .
ඇය ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි , විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවකි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ " ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 36,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 184 ක් සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .