(ටී.කේ.ජී.කපිල )
රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(3)පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු ඩුබායි හි සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි . අනෙක් ගුවන් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි .
ඔවුන් සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , ඔවුන් ගමන් මලු තුළ සගවා ගෙන තිබූ
" ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .