විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක්


ජනවරමට හිස නමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ  සහ ඒ අවට මාර්ග රැසක පැය තුනකට ආසන්න කාලයක් පුරා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

විරෝධතාවය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් , සිවිල් සංවිධාන රැසක සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි