විපක්ෂ නායකතුමාට ඕන නම් ආපහු බස් දෙන්න’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න  අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"නිදහස් අධ්‍යාපනය විකුණන්න හදපු නව ලිබරල් ප්‍රතිපත්ති වලට විරුද්ධ වූ ඉතිහාසයක් අප සතුව තිබෙනවා.අපේ ප්‍රතිපත්තිය පාසල් දහ දාහට කෝටිපතියන් දහ දාහක් සොයා ගැනීම නොවේ.නිදහස් අධ්‍යාපනය අප රාජ්‍ය වගකීමෙන් ගිලිහෙන්න දෙන්නේ නෑ. පෞද්ගලික අංශයට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.