විපක්‍ෂනායකවරයා කැනේඩියානු මහකොමසාරිස්වරිය හමුවෙයි


(නාලක සංජීව දහනායක)

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එච්.ඊ ට‍්‍රයින් ජොරලින් එස්කෙඩාල් මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී අද (26) පෙරවරුවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගිවිය.