(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සහ සියලු දිස්ත්රික් ලේකම් කාර්යාලවලදි මැතිවරණ වියදම් වාර්තා මෙසේ ප්රදර්ශන කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් ( නීති විමර්ශන) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත අනුව එම වියදම් වාර්තා බාරදීමේ අවසාන දිනෙන් දින දහයකට පසු ඒවා ජනතාවට ප්රදර්ශනය කළ යුතු බවයි.
එම වියදම් වාර්තාවල ගැටලු පවතින්නේ නම් ඕනෑම අයෙකුට අධිකරණ ක්රියාමාර්ගවලට යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් තිස් පස් දෙනෙකු ආදායම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබිණ.