(සුජිත් හේවාජුලිගේ)
වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත.
මේ අනුව එම කටයුතු ආරම්භවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් එම අපේක්ෂකයන්ට නඩු පැවරෙනු ඇත.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8888 දෙනාගෙන් 1040 දෙනකු වියදම් වාර්තා බාරදීම මගහැර ඇත.
මහ මැතිවරණයේ වියදම් වාර්තා බාරදීමේ කාලය පසුගිය දෙසැම්බර් 6 වැනිදායින් අවසන් විය.