විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12) කොළඹ දී පැවැත්විණි.

විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩිකළ පාඨමාලා ගාස්තු වහා ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.

විරෝධතාවයට සහභාගි වූ සිසුහු කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් පා ගමන ආරම්භකර කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක ද නිරතවූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)