විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස්


(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (28) පස්වරුවේ පැවැති පෙළපාළියට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ බැංකු මාවතට පිවිසීමට ගත් උත්සහයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
මෙම පෙළපාලියට බැංකු මාවත ඇතුළු මාර්ග කීපයකට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය තහනමක් පනවා තිබියදී උද්ඝෝෂකයන් බැංකු මාවතට පිවිසීම සඳහා මාර්ග බාධයක ඉවත්කරමින් සිටියදී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය ක්‍රියාත්මක කළේය.
පොලිසිය බැංකු මාවතට පිවිසෙන අවස්ථාවේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එළව එළවා කඳුළු ගෑස් එල්ල කිරීමට නිසා උද්ඝෝෂකයන්ට පසු බැසීමට සිදුවිය.
මෙම උද්ඝෝෂණයට ගුරු සහ සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් සහ අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
පෙළපාළිය අද පස්වරුවේ කොල්ලුපිටියෙන් ආරම්භ වී අරලිගහ මන්දිරය අසළින් ගමන් කර පොලිස් මූලස්ථානය පිහිටි ප්‍රදේශයට ඇතුළත් වීමට උත්සහ ගත්තේය.
එම උද්ඝෝෂකයන් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ වර්තමාන ආණ්ඩුව පළවා හරින තෙල් සටන අත්නොහරින බවයි. 

( ඡායාරූප ගයාන් අමරසේකර)

(ඡායාරූප ශාන්ත රත්නායක)