විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාල භූමියට කඩා වදිති


සමාජවාදී තරුණ සංගමය  මගින් ඇරැඹු  උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී සිටිති.

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු යනුවෙන් ඔවුහු සටන්පාඨ කියමින් පුවරුද ඔසවාගෙන සිටිති.

මරදාන ටෙක්නිකල් හන්දියෙන්  අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.

මේ හේතුවෙන් ‌ටෙක්නිකල් හන්දිය අවට හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග රැසක රථ වාහන තද බදයක් ඇති විය. 

(ඡායාරූප: හිමත් මතීෂ සහ ගයාන් අමරසේකර)