විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති


(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද (7) පෙරවරුවේ පැමිණියේය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ඉතාමත් අවදානම් තත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් පාපැදිවලින් විරෝධතා පෙළපාලියකින් පැමිණි අවස්ථාව.

(ඡායාරූප: ශාන්ත රත්නායක