විශ්වාසභංගයට සහය පල කර සජබ විරෝධයක්


(නිමල කොඩිතුවක්කු)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට අද  විරෝධතාවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.

"තෙල් මිල අඩු කරනු, තෙල් අරමුදලට මොකද වුණේ, තෙල් සහනය කෝ, දැන් සැපද, රට අවුලෙන් පවුල සැපෙන්, පොහොරත් නෑ හාලුත් නෑ, ස තමයි හොදටම කළේ"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණි. පිරිස විරෝධතාවයෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතා පා ගමනේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)