විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සිදුකරන ලද විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (26) පැවැත්විණි. 
 
 මෙහිදී විද්‍යාඥයින්, වෛද්‍යවරුන්  ඇතුළු පර්යේෂකයන් බොහෝ පිරිසක් ඇගයීමට ලක්කෙරිණ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ  අමාත්‍ය සුජීව සේරසිංහ , අමාත්‍යංශ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.