වී ගබඩා සංකීර්ණය වසා දමලා


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වසර දහයකට  ඉහතදී ඉදි කරනු ලැබූ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයෙහි වී ගබඩා කර ඇත්තේ   කන්න තුන හතරකදී  පමණක් වන අතර ඉන් ලැබෙන එකම ප්‍රයෝජනය  ප්‍රදේශයේ  ජනතාව ඇවිදීමේ මං තීරුවක් වශයෙන්  භාවිතා කිරීම පමනක් බව  මරදගහමුල ව්‍යාපාරිකයෝ කියති.

මරදගහමුල සහල් ව්‍යාපාරිකයින් සඳහා වී ගබඩා කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙම ගබඩා සංකීර්ණය ඉදිකරනු ලැබූ අතර  එහි වී ලොරි කිරීමට හැකි පාලම් තරාදි ආදිය ද සවි කර තිබිණි. 

මෙම ගොඩනැගිලි සංකීර්ණය නිතර පාවිච්චියට නොගැනීම හේතුවෙන් මෙම පාලම් තරාදි ඇතුළු ගොඩනැගිලි පද්ධතිය වසා දමා පවතී .

රජය මැදිහත්ව වී මිලදී ගන්නේ නම් ඒවා වියලා මෙහි  ගබඩා කිරීමෙන් ව්‍යාපාරිකයින්ටත් ප්‍රදේශයේ ජනතාවටත් මහත් සෙතක් වන බව ඔවුහු සඳහන් කරති .