වීදාගම වැවේ සොරව්වේ දොර ඔසවනය සොරාගෙන ගිහින්


( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම වීදාගම වැවේ  සොරොව්දොර විවෘත කිරීමට යොදාගන්නා දොර ඔසවනය  කිසියම් පුද්ගලයකු සොරාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කියති.

මේ හේතුවෙන් බොලබොටුව වෙල්යායේ අක්කර දෙසීයක පමණ කුඹුරු යායක් වගා කිරීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකි ව ගොවි පවුල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අන්ත අසරණ වී ඇත.

සොරොව් දොර විවෘත කිරීමට යොදාගන්නා දොර ඔසවනය මීට මාස දෙකකට පමණ ඉහතදී  සොරාගෙන  ගොස් ඇති බව පවසමින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් බණ්ඩාරගම පොලිසිය වෙතද පැමිණිලි කර තිබිණි.