වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍ය සේවකයන් පිරිසකට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය අද (18) ප්‍රසිද්ධියට පත් කළේය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හුබෙයි පළාතේ වූහාන් නගරයට ගිය වෛද්‍ය සේවකයෝ ඊයේ (17) එම නගරයෙන් පිටත්වීම ආරම්භ කළහ.

(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය)