වෘත්තීය සමිති රථපෙළපාලියක


 

හසිත රංග ගුණතිලක

 

සිවිල් සංවිධාන, ගොවි සමිති, ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය සමිති මර්දනයට ගෙනා ප්‍රතිත්‍රස්ත ඒකක වහා හකුලා ගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද (1) කොළඹ නගරය තුළ විරෝධතා රථ පෙළපාලියක නිරතවුහ.

විරෝධතා රථ පෙළපාලිය කොළඹ කොටුව දුම්රියපොළ අසලින් ගමන් ආරම්භ කර බොරැල්ල, නුගේගොඩ, දෙහිවල, බම්බලපිටිය යන නගර පසු කර නැවතත් කොළඹ කොටුවට පැමිණීමෙන් පසු අවසන් විය.

 විරෝධතාකරුවෝ යතුරුපැදිවල නැග විරෝධතා පුවරු ජනතාවට ප්‍රදර්ශනය වන ලෙස ඉහළට ඔසවමින් රථ පෙළපාලියේ ගමන් කළහ.

 

ඡායාරූප - ඡයමාල් චන්ද්‍රසිරි