වෙඩි තැබුවේ සුදු කොඩි අරන් එද්දී


ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් හමාස් අත්අඩංගුවේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු ප්‍රමුඛ රජයටත්, ඊශ්‍රායල හමුදාවටත් දොස් අහන්න සිදුවී ඇත.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් මියගියේ තරුණයන් තිදෙනෙකි. මොවුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිට, නිදහස ලබා යළි ඊශ්‍රායල හමුදා වෙත පැමිණ ඇත. ඒ සුදු කොඩි ද අතැතිවය. කෙසේ නමුත්, ඔවුන් හමාස් සටන්කාමීන් යැයි සිතූ ඊශ්‍රායල හමුදාව, ඔවුන්ට වෙඩි තැබුවේය.

මෙම සිද්ධියෙන් පසු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින සෙසු ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගැනීමට, ඊශ්‍රායල රජය හමාස් සංවිධානය සමඟ නව සාකච්ඡා ආරම්භ කළේ යැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ, හමාස් සටන්කාමීන් පරාජය කළ හැක්කේ ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමෙන් පමණක් බවය. යුද්ධය හැර වෙන විසදුමක් නැතැයි ද නෙදන්යාහු අවධාරණය කර තිබේ.