වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්


හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය අනාවරඛණය කර ඇත.

තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි. මැතිව් කෲක්ස් සම්බන්ධයෙන් නිල තොරතුරු කිසිවක් මෙතෙක් ආරක්ෂක අංශ මාධ්‍යවලට නිකුත් කර නැත.

ස්නයිපර් තුවක්කුකරු ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කළ බව ද පැවැසෙයි. එක් වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ මුහුණ තුවාල වූ නමුත් ඔහු යහතින් පසුවන බව තහවුරු වී ඇත.