වෙහෙරගල ජලාශය වාන් දොරටු විවර කරයි


(එම්.කේ.නන්දසේන)

වෙහෙරගල ජලාශයේ ජල ධාරිතාව උපරිමය දක්වා පිරී ඇති හෙයින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා මැණික් ගඟ ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන්ට ප්‍රවේශම් වන ලෙසත්, ගඟ පරිහරණය කිරීමෙන් සහ දියණෑමෙන් වලකින ලෙසත් ගඟ පහල පදිංචිකරුවන් ගෙන් සහ වන්දනා බැතිමතුන් ගෙන් ජලාශය භාර වාරි ඉංජිනේරු කේ.එච්.එන්.සහන් කුමාර මහතා කාරුණික ඉල්ලීමක් කරයි.

මැණික් ගඟ ඉහළ ප්‍රදේශයන්ට දින කීපයක් තිස්සේ අධික වැසි පතිත වන නිසා දිනපතා විශාල ජල ප්‍රමාණයක් ජලාශයට එකතු වන බවත්, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 61, 000 ක් වුවද ඒ ආසන්නයට ජල මට්ටම ඉහල ගොස් ඇති හෙයින් ජලාශයේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගැනීමට සිදුවන බවත් ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය. 

මේ අතර ලුණුගම්වෙහෙර ජලාශයේද ජල මට්ටම සීඝ්‍රයෙන්  ඉහල යමින් පවතින බවද අද (3) දා වන විට අක්කර අඩි එක් ලක්ෂ 72000 දක්වා ඉහල ගොස් ඇති බවද වැඩිදුරටත් පැවසීය.