වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා


නිමල් ජයරත්න

පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත‍්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සීරුවේ කන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වීමේ ප‍්‍රවෘත්තියක් වාර්තා වී තිබේ.

පසුගිය වෙසක්  පොහොය දා අලූයම 4.30ට පමණ එම වන අලියා ඇතුළු වී ඇත්තේ පොළොන්නරුම මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කඩවතමඩුව නගරයේ යාබද තිබූ කේ.වී.එම්. කෑරගල මහතාගේ වී වෙළඳසැලටය.

විනාඩි 40 කට ආසන්න කාලයක් වී ගබඩාවේ රැඳී සිටි එම අලියා වී උරයකට පමණක් හානිකර ඇති බවත් කෑරගල මහතා කීය.

තවත් වී උර කිහිපයක් එම අලියාට පසුදින ආහාරයටද කෑරගල මහතා  තබා තිබෙන අතර ඔහු පවසන්නේ පැමිණි වන අලියා සාධාරණ අලියෙකු බවයි.

තවද ඔහු පැවසුවේ ගබඩාවේ ප‍්‍රවාහනය සඳහා පටවා තිබු වී ලොරිය අසළ සිට මෙතෙක් වෙලා සිටියත් ලොරියට හෝ එහි වී ගෝනි වලට කිසිදු හානියක් නොකර අසොළ තිබු බිම් තරාදියටද කිසිදු අලාභයක් නොකර ගබඩාව පිටුපස දොරින් ගොස් ඇති බවයි.