(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් අල්ලාගෙන පෙරේදා (12) අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබූහ.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගෙන් අයකු රෝහලේ සුළු සේවකයකු වන අතර, අනෙක් සිවු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට දායක වන කම්කරුවෝ වෙති.
අනුරාධපුර රෝහලට නිසි ආරක්ෂාවක් නොමැති කමින් මීට දින කීපයකට පෙර වෛද්‍යවරියක හිරි හැර විඳින්නට සිදු විය.