වෛද්‍යවරියට අතවර කර සැඟවෙන්න අනුබල දුන්නැයි කතක් අල්ලයි


 

(දයාරත්න ඇඹෝගම සහ ගයාන් සූරියආරච්චි)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසනයක් සිදුකළ පුද්ගලයාගේ වැඩිමහල් සොයුරියද ඊයේ(12)දින රාත්‍රියේදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව,නව නගරයේ පදිංචි 37 හැවිරිදි විවාහක කාන්තාවකි.

වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදුකොට එදින  රාත්‍රියේ සැකකරු නවාතැන් ගෙන ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ නිවසේ බ වට පොලිසිය විසින් තොරතුරැ අනාවරණය කොට ගෙන තිබුණි.

එහෙත් එම කාන්තාව විමසා සිටියද පොලිසියට ඒ සම්බන්ධ නිසි තොරතුරක් ලබානොදි අපරාධකරැවෙකුට රැදි සිටිම සදහා ආධාර අනුබල දිමේ චෝදනා මත අනුරාධපුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.