ශ්‍රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි. තව ද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයන් තිදෙනකු සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සිය ගනුදෙනුකරුවන්ට හෝටල් සඳහා ආකර්ශනීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද උදා වනු ඇති බව ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.