(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඒ අනුව අද උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පළමු ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එයින් ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය ලෙස 06 දෙනෙකු ද පැමිණ සිටියහ .
මෙම ගුවන් යානය , ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර , ගුවන් තොටුපොළ තුළ දී උඩරට නර්තන ශිල්පීන් පිරිසක් විසින් , සිය නර්තන දක්ෂතා දක්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .
මෙම ගුවන් යානය සතියකට දින 05 ක් එනම් සදුදා , බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.