(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
පළමු තරග දෙක ජය ලබා සිටි නවසීලන්තය තරගාවලියේ ජය 2-1 ක් ලෙස හිමි කර ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 211 ක් පමණි.
කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා පන්දු 46 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 218
(පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 22, කුසල් පෙරේරා 101, චරිත් අසලංක 46, අවිෂ්ක ප්‍රනාන්දු 17)
නවසීලන්තය ඕවර 20 කදී කඩුලු 7 ට 211
(ටිම් රොබින්සන් 37, රන්චි රවීන්ද්‍ර 69, ඩර්ලි මිචෙල් 35, වනිදු හසරංග 38/2, චරිත් අසලංක 50/3)