ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බද්දක්


ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට  44 ක තීරු බද්දක් පැනවීමටත් තීරණය  කර ඇත.

මෙම නව බදු අනිද්දා සිට ක්‍රියාත්මක වෙයි. එම නව බදු අනුව, ඇමෙරිකාවට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10 ක අවම තීරු බදු ක්‍රියාත්මක වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව,  වියට්නාමයට 46% ක තීරු බද්දකුත්, චීනයට 34% කත්, ඉන්දියාවට 26% කත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. යුරෝපා සංගමයට 20% කත්, තායිවානයට 32% කත්, ජපානයට 24% කත්, දකුණු කොරියාවට 25% කත්, තීරු බදු ක්‍රියාත්මක වෙයි.

තායිලන්තයට 36% ක්, ස්ව්ට්ටර්ලන්තයට 31 % ක් සහ බ්‍රිතාන්‍ය, බ්‍රසීලය, සිංගප්පූරුව, චිලි රාජ්‍යය,  ඔස්ට්‍රේලියාව, තුර්කිය සහ කොළොම්බියාවට 10% ක් බැගින් ද තීරු බදු පනවා ඇත.

බංග්ලාදේශයට 37 % ක් සහ පාකිස්ථානයට 29 % ක් ලෙස තීරු බදු පැනවීමට ද ට්‍රම්ප් තීරණය කර ඇත. පිලිපීනයට 17 % ක් බදු පනවා ඇත.

(ඒ.එෆ්.පී.)