(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන සියයට 28.1 ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන සියයට 5.3 ක් උතුරු පළාතේ පදිංචිව සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ හෙළිවූ බවත් එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදුන් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.