(ටී. කේ. ජී. කපිල)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ.
මෙම සහතිකය ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවාහන සංගමය (IATA) මගින් කරන ලද ඇගයීමකින් සහ නියාමනයකින් අනතුරුව පිරිනමා තිබේ.
මෙම සංගමයට ලෝකයේ රටවල් 120 ක ගුවන් ගමන් සේවා 290 ක් සම්බන්ධ වන අතර, එය ලෝක ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 82% ක කොටසක් ද හිමි කරගෙන සිටී.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිරිනමන මගී සුවපහසුව, ඔවුන්ගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග, මගී විශ්වසනීයත්වය, ගුවන් යානාවල සහ සිය සේවාවල කාලණුගතිකත්වය පදනම් කර ගනිමින් එහි කළමනාකාරීත්වය සහ පාලන පද්ධතිය ඇගැයීමකට ලක් කරමින් මෙම විගණන සහතිකය පිරිනමා තිබේ.
ඉකුත් 2006 වසරේ දී මෙම නිරුපද්‍රතා සහතිකය දිනා ගත් පළමු ආසියානු කලාපයේ ගුවන් සේවය වූයේ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.