(ටී.කේ.ජී.කපිල)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.