ශාන්තා මායාදුන්න - ඇගේ දියණිය අවසන් ගමන් යති


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මියගේ හා ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (25) කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මහා සංඝරත්නය නිවසට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුසාන භූමිය කරා රැගෙන යන ලදී.