ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ වෙයි. ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය.
සමුළුව ලබන 6 වැනිදා තෙක් පැවැත්වෙන අතර, සමුළුවට සහභාගී වීමේ ද අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් කසකස්තානයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ ප්‍රධානතම සාමාජිකයා වන්නේ චීනයයි.
ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් වන්නේ චීනය, කසක්ස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානයයි.
(ඒ.එෆ්.පී.)