අද්විතීය සන්නාම 30කට අධික සංඛ්‍යාවකින් සමන්විත Marriott Bonvoy හි කොටසක් වන ෂෙරටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි නවතම දේපල වන ෂෙරටන් කලම්බෝ හොටෙල් විවෘත කළ බව නිවේදනය කළේය. එය කොළඹ නගරයේ විවෘත කරන ලද පළමු ෂෙරටන් හෝටලයයි. මෙම හෝටලය කාමර 320 කින් සමන්විතය.
කොළඹ ව්‍යාපාරික සහ වෙළඳපොළ කේන්ද්‍රස්ථානයේ පිහිටි මෙය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මිනිත්තු 45 ක දුරින් පිහිටා ඇත. හෝටලයට කිලෝමීටර් 2ක දුරක් ඇතුළත ගංගාරාම විහාරස්ථානය සහ විහාරමහාදේවි උද්‍යානය වැනි සුප්‍රසිද්ධ ස්ථාන පිහිටා ඇති අතර, ඓතිහාසික නිදහස් අනුස්මරණ ශාලාව මිනිත්තු 10ක දුරකින් පිහිටා ඇත.
සාප්පු සවාරි යෑමට ප්‍රිය කරන අය සඳහා, පැරණි ලන්දේසි රෝහලෙහි විසිතුරු භාණ්ඩ පිරුණු සාප්පු සවාරි පරිශ්‍රය, කැෆේ, ආපනශාලා නිරතුරුව විවෘතව පවතී.
ෂෙරටන් කලම්බෝ හොටෙල් හි, කොටස් දෙකකින් සමන්විත ලොබිය අමුත්තන්ගේ කේන්ද්‍රස්ථානය බඳු වේ. වාතය සහ ආලෝකය මනාව ලැබෙන පරිදි අලංකාර ලෙස නවීන අයුරින් නිර්මාණය කර ඇති මෙය සුවපහසු මෙන්ම උද්‍යෝගිමත් ස්ථානයක් ලෙස කැපී පෙනෙයි. ෂෙරටන් කලම්බෝ හොටෙල් වර්ග මීටර් 36 සිට 88 දක්වා විහිදෙන මනා සැලසුමකට අනුව නිර්මාණය කර ඇති කාමර සහ 32 0කින් සමන්විතය.
සෑම කාමරයක්ම නවීන ගෘහ භාණ්ඩ වලින් සරසා ඇති අතර අඟල් 49 රූපවාහිනියක්, අධිවේගී අන්තර්ජාල පහසුකම්, නානකාමර සහ හොඳ රාත්‍රී නින්දක් සඳහාම ගැළපෙන ඇඳකින් එම කාමර සමන්විත වේ.
ෂෙරටන් Club Lounge වෙත ප්‍රවේශ වීමට හැකි විශේෂ Club Room එකක් හෝ සුඛෝපභෝගී කාමරයක් තෝරා ගැනීමෙන් අමුත්තන්ට ඔවුන්ගේ පහසුකම් තවත් ඉහළ නංවා ගත හැකිය.
එමෙන්ම හෝටලය ඉහළ මට්ටමේ භෝජන පහසුකම්ද සපයනු ලබයි. Colombo Kitchen හි ඉවුම් පිහුම් මධ්‍යස්ථානය සහ විවෘත කුස්සිය හරහා දෙස් විදෙස් ප්‍රණීත ආහාර ඇතුළත් අවන්හලක් ලෙසද හෝටලය තවත් සුවිශේෂීත්වයට පත්වේ. ඉක්මනින් විවෘත කිරීමට නියමිත රදදඓදචහි අවන්හල, එළිමහන් තැබෑරුමක් සහ කදිම භෝජනාගාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී කොළඹ අහසෙහි සිත් ඇදගන්නාසුළු දසුන් නැරඹීමටද අවස්ථාව සැලසෙනු ඇත.
The Pool Bar යනු කොළඹ කාර්යබහුල දවසක් ගත කළ පසු කොක්ටේල් සමඟ ප්‍රබෝධමත් වීමට සුදුසුම ස්ථානයකි. ලොබියට යාබදව පිහිටි Ceylon Bake Shop තුළින් නැවුම්ව බේක් කරන ලද පේස්ටි්‍ර, සැන්ඩ්විච්, කෝපි සහ තේ තෝරා ගැනීමට හැකි අතර, Colpetty Lounge හිදී අමුත්තන්ට හෝටලය සුවපහසුව විඳගනිමින් විශේෂයෙන්ම සකසනු ලබන ප්‍රනීත කොක්ටේල් මිශ්‍රණයක රස බැලීමට හැකිය.