සංචාරකයන්ගේ ආරක්ෂාවට කෙටි දුරකතන අංකයක්


(ජේ.ඉඳුරුවගේ )

 සංචාරකයන්ගේ   ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මූලික පියවරක් ලෙස අද සිට 1997 විශේෂ කෙටි දුරකතන අංකය   හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව ඕනෑම සංචාරකයෙකුට තම ආරක්ෂාව  සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව මේ අංකයෙන්  පොලීසියට  දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යූරෝපයේ පවතින යුධමය වාතාවරණය ද  සැලකිල්ලට ගෙන මෙරටට පැමිණෙන  විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සියලු  ආරක්ෂක අංශ සමග එක්වී    විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.