සජිත් ගංගාරාමය වැඳ ගනී


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )  
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාරදීමෙන් පසු ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පැමිණියේය.
 
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහාසංඝරත්නය ප්‍රේමදාස මහතාට සෙත්පතා විශේෂ බෝධිපූජා පින්කමක් ද පැවැත්වූහ.
 
ජලනි ප්‍රේමදාස මහත්මිය,  පාඨලී චම්පික රණවක, බුද්ධික පතිරණ, දිලිප් වෙදආරච්චි ,කේ.කේ පියදාස  ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.